
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොවැම්බර් 18 මිනුවන්ගොඩ දී මුදල් ප්‍රවාහන සේවයකට අයත් රුපියල් මිලියන 75ක් ප්‍රවාහනය කළ වෑන් රථයක් කොල්ලකෑමට අවශ්‍යව සිටින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
සිද්ධිය සම්බන්ධයෙන් සොරාගත් මුදල් සමඟ පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ අනුව කටාන සහ උඩුගම්පොල ප්‍රදේශවල පදිංචි අවුරුදු 37 සහ 40 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සැකකරුවන් සිටින ස්ථානය පිළිබඳ දැනුමක් ඇති මහජනතාවට 071 – 8591608 හෝ 071 – 8591610 යන දුරකථන අංක ඔස්සේ පොලිසිය අමතන ලෙස දන්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart