
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු 2023 පොල්දූවේ සාමකාමී විරෝධතාවක් අතරතුර ජාතික ජන බලවේගයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩකළ බවට චෝදනා කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.
දේශබන්දු තෙන්නකෝන් සහ වැලිකඩ, තලංගම, මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරුන් මෙන්ම නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාද මෙම නඩුවේ වගඋත්තරකරුවන් වේ.
2023 දෙසැම්බර් 04 වැනි දින කාන්තා කටයුතු අමාත්‍යාංශය පිළිබඳ අයවැය විවාදය පැවැත්වෙන අතරවාරයේදී කාන්තාවන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාමකාමීව විරෝධය පළකිරීමට පිරිසක් පොල්දූව මංසන්ධියට රැස්වූ බව පෙත්සමෙන් පෙන්වා දී ඇත.
ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩකරමින්, නීතිවිරෝධී ලෙස මෙම රැස්වීමට පොලිසිය බාධාකළ බවට පෙත්සමෙන් චෝදනා කර තිබේ.
තම මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශයක් කර සුදුසු වන්දියක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart