
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිරුළපන – කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන නිවාස සංකීර්ණයේ 70 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබියදී ඊයේ පස්වරුවේ ඇයගේ සිරුර සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අදාළ කාන්තාව සිය දියණිය සහ මුණුබුරා සමඟ එම නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ නිවසක පදිංචිව සිට ඇති බවයි.
අදාළ කාන්තාව ඝාතනය කර නිවසේ තිබූ රන් ආභරණ සහ මුදල් සොරාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
සිද්ධිය වන අවස්ථාවේ කාන්තාව නිවසේ තනිව සිට ඇති අතර, ඇයගේ දියණිය රැකියාව සඳහා පිටත්ව ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart