
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශ අධීක්ෂණ සහ උපදෙස් ලබාදීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය නියමිත බව ආරංචි මාර්ග පවසයි.
මූලාශ්‍රයට අනුව, එය මැතිවරණයට පෙර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා කෙටුම්පත් කිරීම සඳහා සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් සහ විශේෂඥයන්ගෙන් සමන්විත ආයතනයක් වනු ඇත.
ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එය ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, සෑම අමාත්‍යාංශයක්ම මෙම ආයතනයේ අධීක්‍ෂණයට සහ උපදෙස්වලට යටත් වනු ඇත.
එය කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමේදී මඟ පෙන්වීමක් ද ලබාදෙනු ඇතැයි වාර්තා වේ.
රජය විසින් දැනටමත් අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කර ඇත.
පළමු කැබිනට් මණ්ඩල රැස්වීම දැනටමත් රැස්වී අවසන් වී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදී කැබිනට් අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් එක් අවස්ථාවක පත්කර තිබිණා.
එහෙත් එය විධිමත් යාන්ත්‍රණයක් නොවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart