
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පූජාවක් තැබීමට බව පවසමින් කොටුව ප්රදේශය ලැගුම්හලකට රැගෙන ආ කෝවිල් පූජකවරයකුගේ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ පූසාරිවරයකු සහ කෝවිල් පූජකයෙකු මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝබුව සහ බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
කොල්ලකෑමට ලක්වූ පූජකවරයාව අදාළ සැකකරුවන් මුහුණුපොත හරහා හඳුනාගෙන ඇති අතර, අලුතින් ආරම්භ කරන වෙළඳසැලක පූජාවක් තැබීම ආරාධනා කර කොටුව ප්රදේශයට රැගෙන විත් ඇති බව පොලිසිය පවසයි.
කොල්ලකෑමට ලක් වූ පූජකවරයා පලෙයි ප්රදේශයේ පදිංචිකරුවකු බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
පූජකවරයා ලැගුම්හලේ සිටියදී සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් පැමිණ කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින්ග්රෑම් 22ක් ද සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart