
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ කුප්‍රකට ‘ආවා’ කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී තර්ජන සහ පහරදීම් සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පැහැරගැනීමක් සිදුවිය හැකි බවට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලිසිය පවසන්නේ, සැකකරුවන් මට්ටක්කුලිය මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව ය.
සැකකරුවන්ගෙන් දෙදෙනකු ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ, එක්චිලම්පට්ටෙයි සහ තෝපූර් ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනකු උතුරු නැඟෙනහිර අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ‘ආවා’ කල්ලියට සම්බන්ධ බවයි.
අනෙක් සැකකරුවන් දෙදෙනා පසුගියදා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඩුබායි හි පදිංචිව සිටි පුද්ගලයකු විසින් ත්‍රිකුණාමලයේ සිට මට්ටක්කුලියට ‘ආවා’ කල්ලි සාමාජිකයන් රැගෙන එන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇත.
මෙම කල්ලි සාමාජිකයින් දෙදෙනා TikTok හරහා ඩුබායිහිදී පුද්ගලයකුට තර්ජනය කර ඇති බවද අනාවරණයවී තිබේ.
ඔවුන්ගේ දුරකථන ඔස්සේ සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ‘ආවා’ කල්ලියේ සාමාජිකයන් දෙදෙනා කාන්තාවක් විසින් මට්ටක්කුලියට ගෙන්වාගෙන ඇති බවත්, පසුව ඔවුන්ට පහර දී ඩුබායිහි සිටින අදාළ පුද්ගලයාට යැවීම සඳහා වීඩියෝවක් රූගත කර ඇති බවත්ය.
සැකකරුවන් 24, 26, 27 සහ 32 යන වයස්වල පසුවන පුදුකුඩිඉරිප්පු, කොටහේන, එක්චිලම්පට්ටෙයි සහ තෝපූර් ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
මට්ටක්කුලිය පොලිසිය සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart