
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රහස්පතින්දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සමහර අපේක්ෂකයන්ට එය වේදනාකාරී අවසානයක් වූයේ, ඔවුන් මැතිවරණයෙන් පැරදුණු නිසා නොව, ඔවුන් ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකින් පරාජය වූ බැවිනි.
තවත් ඡන්ද කිහිපයක් සඳහා කැන්වස් කිරීමට ‘තව ටිකක්’ උත්සාහ කළේ නම් තමන්ට වඩා මදක් ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් වෙනුවට තමන්ට තේරී පත්විය හැකි බව සමහර අපේක්ෂකයෝ විශ්වාස කරති.
පාර්ලිමේන්තුවට පිවිසීම යාන්තමින් මඟහැරී ගිය අය අතර සමගි ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරග කරන හරින්ද්‍ර ධර්මදාස බණ්ඩා ද විය. ඔහුට මනාප ඡන්ද 134ක් අඩු විය.
ඔහු ලබාගත්තේ ඡන්ද 20,037ක් පමණක් වන අතර, ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන ඡන්ද 20,171ක් ලබාගනිමින් ඉදිරියෙන් සිට පාර්ලිමේන්තුවට තේරී පත්විය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට පරතරය තවත් අඩු විය.
ඔහු සහ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අතර අවසන් මනාප ඡන්ද සංඛ්‍යාවේ වෙනස වූයේ ඡන්ද 130ක පමණ සුළු සංඛ්‍යාවකි.
රෝහිත අබේගුණවර්ධන එම දිස්ත්‍රික්කයෙන් පක්ෂය ජයග්‍රහණය කළ එකම ආසනයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙතින් නිසි පරිදි තේරී පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart