
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 1650කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල නෞකාව යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හයදෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙනවිත් සිදු කළ වැඩිදුර පරික්ෂාවේදී, උර හයක් තුළ (06) පාර්සල් හැටක (60) අසුරා තිබූ රුපියල් මිලියන 1650 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම ඊයේ (15) ගාල්ල වරායේදී සිදුකෙරිණි.
නාවික හමුදාව ධීවර යාත්‍රාවේ සිදු කළ වැඩිදුර පරික්ෂාවේදී, එම ධීවර යාත්‍රාවේ උර හයක් තුළ (06) පාර්සල් 60 ක අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840ක තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 1650කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 18ත් 34ත් අතර වන මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් හයදෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart