
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලැබුණු බලයෙන් ජාතික ජන බලවේගය ‘මත්නොවන’ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේය.
2024 මහමැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් පළකිරීමට අද පස්වරුවේ කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකදී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවැසීය.
මෙතරම් විශාල බලයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා නොසිටි නමුත්, පාර්ලිමේන්තුවේ ආසන 159ක් ලබාදෙමින් රටේ ජනතාව තම පක්ෂය කෙරෙහි දැවැන්ත බලාපොරොත්තුවක් ලබා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ විශාල බලයක් ලැබූ පිරිස්, එම බලය අවභාවිත කළ නමුත්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කිසිදු විටෙක එවැනි බල අවභාවිතයක් සිදුනොකර, ඒ වෙනුවට ලැබුණු බලය රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදාගන්නා බවද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart