
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්ව තිබීම සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී. ආර්. කාර්යවසම් පවසයි.
මෙලෙස පරීක්ෂණයක් පැවැත්වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න පහක් අන්තර්ගත වීම පිළිබඳවයි.
ඒ පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ලේකම්තුමිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සමාජය තුළ කතාබහකට ලක් වී ඇති මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත්තේ අදාළ පාසලෙන්ම බවත් ඒ සඳහා අමාත්‍යාංශ මට්ටමින් හෝ වෙනත් ආයතනික මට්ටමකින් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
අමාත්‍යාංශ මට්ටමින් සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයකින් පසුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ඇය සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart