
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
එහිදී යුක්රේන යුද්ධය උත්සන්න නොකරන ලෙස ට්‍රම්ප් පුටින්ට උපදෙස් දුන් බව අමෙරිකානු ජනමාධ්‍ය වාර්තා කරයි.
රොයිටර් පුවත් සේවය පැවසුවේ, අමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනය අතනොහරින ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති පසුබිමක් තුළ මෙම දුරකථන සංවාදය සිදුව ඇති බවයි.
ඉකුත් දින කිහිපය ඇතුළත ට්‍රම්ප් සහ පුටින් අතර දුරකථන සංවාදය සිදුව ඇති බව අමෙරිකානු රජයේ ඉහළ පෙළේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් බදාදා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි සමග ද දුරකථනය ඔස්සේ සාකච්ඡා කර ඇත.
ට්‍රම්ප්, යුක්රේනය සඳහා අමෙරිකාව ලබාදෙන යුදමය සහ මූල්‍ය ආධාරවල පරිමාණය විවේචනය කර ඇති අතර, යුක්රේන යුද්ධය ඉක්මණින් අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇතත් එය සිදුකරන්නේ කෙසේදැයි කියා මෙතෙක් පැහැදිළි කර නොමැත.
කෙසේවෙතත් යුක්රේනයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ, ට්‍රම්ප් සහ පුටින් අතර ඇමතුම පිළිබඳව කල්තියා දැනුම් නුදුන් බවයි.
එමෙන්ම එය අනුමත කිරීමට හෝ ඊට විරුද්ධවීමට නොහැකි බවත් එම අමාත්‍යංශය පවසා තිබේ.
“ජනාධිපති ට්‍රම්ප් සහ අනෙකුත් ලෝක නායකයන් අතර පෞද්ගලික ඇමතුම් ගැන අපි අදහස් දක්වන්නේ නැත” යනුවෙන් ට්‍රම්ප්ගේ සන්නිවේදන අධ්යක්ෂ ස්ටීවන් චියුන්ග් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීමකට වොෂින්ටනයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ද ප්‍රතිචාර දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart