
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවාහරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි සඳහන් කළේය.
කැස්බෑව බෝකුන්දර ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේද පැවැසීය.
“පසුගිය කාලයේ දේශපාලකයන් අතින් විනාශ වී ගිය මේ රට අපිට හදන්න වෙලා තියෙනවා අපි ඒ රට හදනවා. ඉස්සර ගුරුවරු විදුහල්පතිවරු අනධ්‍යයන කාර්ය මණ්ඩලය පොදු ප්‍රවාහන සේවය දොස්තරලා,ඇටෙන්ඩිලා වරින් වර ස්ට්‍රයික් කළා. අද මං කිව්වා කියලා හිතාගන්න. ඒ ස්ටුයික් ඉතිහාසය නැති වෙනවා. කාටද ස්ට්‍රයික් කරන්නෙ. තව කාලයක් යන කොට අපි මේ පක්ෂය පැත්තකින් තියල වෘත්තීය සමිති විසුරුවා හරිනවා. මොකටද වෘතීය සමිති ඕන නෑ. හෙට උපදින දරුවන්ට කවදා හරි දවසක කියලා දෙන්න වෙනවා පුතේ ස්ට්‍රයික් එකක් කියන්නේ මේකයි, ඇඳිරි නීතිය කියන්නේ මේකයි කියලා”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart