
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ඉලක්ක කර වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අපහාසාත්මක තොරතුරු ප්‍රචාරය කිරීම වළක්වාලමින් මන්නාරම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විසින් මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ගොනුකර තිබූ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව බව පැවැසේ.
තවද මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති ව්‍යාපාරිකයාට නොවැම්බර් මස 12 වනදා අධිකරණය හමුවේ පෙනීසිට කරුණු දක්වන ලෙසද අධිකරණය නියෝග කර ඇත.
වගඋත්තරකරු වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය හරහා තමාට එරෙහිව නොමඟ යවන සහ අපහාසාත්මක වීඩියෝ සහ තොරතුරු ප්‍රචාරය කරන බවත් එය අන්තර්ජාල ආරක්ෂණ පනත යටතේ නීතිවිරෝධී ක්‍රියාවක් බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart