
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට ඉඩ ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කරන ලද්දේ, උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන්, එලෙස විභාගය කල් යා හැකි බවයි.
“උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාද වන තරමටම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙනවා. ඒ කාල ප්‍රමාණයෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම එහාට යන්න ඉඩ තියෙනවා.” යැයි ඇමතිවරයා පෙන්වාදුන්නේය. එහිදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශනයකට පිළිතුරු ලබාදෙමින් ඇමතිවරයා මෙසේද පැවැසීය.
“වෙනස් වෙන්න පුළුවන් උත්තර පත්‍ර සමීක්ෂණය කල් ගියොත්. විභාග දෙකක් අතර කාල පරාසය මාස තුනක්වත් අවශ්‍ය වෙනවා. විභාග දෙපාර්තමේන්තුවට ඊළඟ විභාගය පවත්වන්න.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart