
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළේ ජනතාවට වෙනසක් අවශ්‍ය බව පෙනෙන බැවින් යැයි හිටපු තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් පවසයි.
නිවේදනයක් මගින් සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ කොටස්කරුවකු වීමට ලැබීම පිළිබඳ තමන් සතුටු වන බවයි.
“තාක්ෂණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස 2030 දක්වා රට සඳහා ඩිජිටල් මාර්ග සිතියම සකස් කිරීමට මට හැකි වුණා. අපි දැනටමත් මෙම සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය දිගටම කරගෙන යෑමෙන් රටේ නාස්තිය, දූෂණය පිටුදැකීමට සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාවන් ගොඩනැගීමට උපකාරී වන ඩිජිටල් පොදු යටිතල පහසුකම් ගොඩනැගීමට හැකි වෙයි.” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට අදහස් කරන බව පවසමින් කනක හේරත් කියා සිටියේ ඒ වෙනුවට මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර පවුලේ අය සමඟ හොඳ කාලයක් ගත කරමින් තම ඉංජිනේරු වෘත්තිය කරගෙන යෑමට අදහස් කරන බවයි.
තමන් අඛණ්ඩව තම දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කරන අතර තමන් විශ්වාස කරන දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනී සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart