
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝබර් මාසයේ මුල් දින හය තුළ පමණක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 25,966ක් පැමිණ තිබේ.
ශීත කාලයට පෙර මාසය ලෙස සැළකීමේදී එය මන්දගාමී ආරම්භයක් සනිටුහන් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.
මෙම වසරේ සැප්තැම්බර් මාසය සඳහා වාර්තා වූ සංචාරකයන්ගේ දෛනික සාමාන්‍ය 4071.3ට සාපේක්ෂව දින හය තුළ දෛනික සාමාන්‍ය සංචාරක පැමිණීම සංචාරකයින් 4327.6ක් ලෙස තරමක් ඉහළ ගොස් තිබේ.
සැප්තැම්බර් මාසයේදී සංචාරක පැමිණීම් අඩුම වේගයකින් වර්ධනය වූවද වසරින් වසර වර්ධන වේගය සියයට 9.11ක් විය.
මෙම කාලපරිච්ඡේදය තුළ වැඩිම පැමිණීම් ඉන්දියාවෙන් වාර්තා වන අතර එය 7,749ක් වේ.
පසුව සංචාරකයන් 2,437ක් සහ 1,737ක් පැමිණි චීනය සහ ජර්මනිය එම කාලය තුළ දෙවැනි සහ තුන්වැනි ස්ථානයේ සිටී.
එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ රුසියාව පිළිවෙළින් සිව්වැනි, පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකර ගෙන ඇත.
මේ අතර, වසරේ සමස්ත සංචාරක පැමිණීම් 1,510,774 දක්වා ළඟා වී තිබේ.
සංචාරකයන් 294,305ක් සමඟින් ඉන්දියාව ප්‍රථම ස්ථානය ලබා ගත් අතර, පැමිණීම් 138,125ක් සමඟ එක්සත් රාජධානිය දෙවැනි වැඩිම සංචාරකයන් පැමිණි රට ලෙස රැඳී සිටී.
සංචාරක පැමිණීම් 128,294ක් සමඟ රුසියාව තුන්වැනි ස්ථානයට පත්ව ඇත.
පසුගිය වසරවල දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම දහසකින් පමණ වැඩිවේ.
ඒ අනුව ඔක්තෝබර් මාසය සඳහා සංචාරක පැමිණීම් 155,070ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart