
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ආචාර්ය එස්. ජයශංකර් 2024 ඔක්තෝබර් 04 වැනි දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා නායකත්වය හමුවීමට නියමිත බවයි.
ඉන්දියාවේ ‘අසල්වැසි පළමු’ ප්‍රතිපත්තිය සහ සාගර් ඉදිරි දැක්මට අනුකූලව, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට දෙරටේ හවුල් කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කෙරේ.
ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවීමට ද නියමිතයි.
ජයශංකර් අමාත්‍යවරයා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම සංචාරයට එක්වීවෙති
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart