
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට චාල්ස් රජු සුබපැතුම් එක්කර තිබේ.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් ඊයේ (බදාදා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේ III චාල්ස් රජුගේ සහ බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ පෞද්ගලික සුබ පැතුම් පිරිනමා ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම හමුව දෙරට අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළ බවයි.
මෙම රැස්වීමේදී මහ කොමසාරිස් පැට්රික්, ජනාධිපති දිසානායකගේ මෑත මැතිවරණයට සුබ පැතූ අතර ඔහුගේ ධුර කාලය සඳහා බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් පිරිනැමීය.
සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ශ්‍රී ලංකාවේ ප්රයත්නයන් සඳහා මහ කොමසාරිස්වරයා විසින් බ්‍රිතාන්‍ය රජයේ දැඩි සහයෝගය ප්‍රකාශ කළ අතර අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා එක්සත් රාජධානියේ සහයෝගය ද ඔහු ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart