
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී තමාට පෝෂ් (Porsche Cayenne) රථයක් ලබාදී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රෝසි සේනානායක පවසන්නේ, එම වාහනය තමන්ට විටින් විට ජනාධිපති කාර්යාලය ලබාදුන් වාහන අටෙන් එකක් පමණක් බවයි.
අද පැවති විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් රෝසි සේනානායක, ජනාධිපති කාර්යාලයෙන් තමන්ට ලබාදුන් විවිධ වාහන පිළිබඳව ජනමාධ්‍ය වෙත කරුණු දැක්වූවාය.
තමන් ජනාධිපති උපදේශකවරියක ලෙස කටයුතු කළ කාලය තුළ වාහන 8ක් භාවිත කර ඇති බවත්, පාලන වෙනසට පෙර භාවිත කළ අවසන් වාහනය වූයේ Porsche Cayenne බවත් ඇය වැඩිදුරටත් හෙළිකළාය.
එම මෝටර් රථය, දොරවල් සිරවුණු, පුස්කන ලද ඉතාම අබලන් තත්වයේ එකක් බවද ඇය එහිදී සඳහන් කළාය.
තමා මෙරට ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට පැමිණි කාන්තාවක් බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart