
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉකුත් සිකුරාදා රාත්‍රියේ ලෙබනනයේ බේරූට්හිදී හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ඝාතනය කළ ඊශ්‍රායල ප්‍රහාරය සඳහා ඇමරිකාව විසින් නිෂ්පාදනය කරන ලද රාත්තල් 2,000 ක බරින් යුත් බෝම්බ භාවිත කර ඇති බවට යුධෝපකරණ විශේෂඥයන් විසින් මත පළකර තිබේ.
හිටපු ජ්‍යෙෂ්ඨ පුපුරන ද්‍රව්‍ය විශේෂඥ ට්‍රෙවර් බෝල් උපුටා දක්වමින් CNN පුවත් සේවය පැවසුවේ, සෙනසුරාදා ඊශ්‍රායල හමුදාව විසින් ප්‍රකාශයට පත්කරන ලද වීඩියෝවකින් පෙන්නුම් කළේ, එක්සත් ජනපදයේ නිෂ්පාදිත BLU-109 ඇතුළු අවම වශයෙන් රාත්තල් 2,000 ක බරින් යුත් බෝම්බ 15 ක් රැගත් ප්‍රහාරක ජෙට් යානා ප්‍රහාරය සඳහා භාවිත කර ඇති බවයි.
පුපුරුවා හැරීමට පෙර ගැඹුරට භූගතව විනිවිද යෑමට ‘bunker busters’ ලෙස හැඳින්වෙන අමෙරිකාවේ නිෂ්පාදිත ඒකාබද්ධ සෘජු ප්‍රහාරක ආධාරක බෝම්බ ද භාවිත කර ඇතැයි පැවසේ.
ඒවා හැඳින්වෙන්නේ නිශ්චිතවම ඉලක්කයකට පහර දිය හැකි ‘ස්මාර්ට්’ යුධෝපකරණ ලෙසය.
මෙහෙයුමේදී වෙනත් වර්ගවල විශාල බෝම්බද භාවිත ඇති බවට ද යුද විශේෂඥයෝ අනුමාන කරති.
එහෙත් BLU-109s වර්ගයේ බෝම්බ පමණක් වීඩියෝ පටවල සහ ඡායාරූපව දැකගත හැකි වූ බව CNN පුවත් සේවය වාර්තා කර තිබේ.
ප්‍රහාර මාලාව සඳහා භාවිත කළ යුධෝපකරණවල පුපුරන ද්‍රව්‍ය රාත්තල් 535ක් අඩංගු වන අතර, එය ඊශ්‍රායල හමුදාව විසින් නිතර භාවිත කරන රාත්තල් 2000ක බෝම්බ වර්ගයක් වන MK84 වලට වඩා සාර්ථක බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart