
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනයට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබේ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් කමේනි පවසා ඇත්තේ අනෙකුත් සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහි සටන අඛණ්ඩව සිදුකරන බවයි.
“නසරල්ලා තනි පුද්ගලයෙක් නොවේ. ඔහු මාර්ගයක් සහ චින්තන පාසලක් වූ අතර, ඔහු පෙන්වා දුන් මාර්ගය දිගටම පවතිනු ඇත,” යනුවෙන් ඉරානයේ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අලි කමේනි පැවසුවේය.
“ප්‍රාණ පරිත්යාගිකයාගේ රුධිරය නොනැසී පවතිනු ඇත,” ඔහු පැවසීය.
හිස්බුල්ලා සංවිධානය විසින් ඊයේ නස්රල්ලාගේ මරණය තහවුරු කර තිබිණි.
අනතුරුව ඉරාන ජනමාධ්‍ය වාර්තා කළේ ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරියෙකු වූ ජෙනරාල් අබ්බාස් නිල්ෆෝරූෂාන් ද සිකුරාදා දකුණු බේරූට් වෙතෙ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් නස්රල්ලා සමග මියගොස් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart