
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලින් අපේක්ෂා කළ පරිදි දේපළ බද්දක් වෙනුවට කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට ගත් තීරණයට අර්ධ වශයෙන් බලපා ඇත්තේ මධ්‍යම රජය මගින් දේපළ බදු අය කිරීම වළක්වන ව්‍යවස්ථාමය බාධකයක් පැවතීම බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අනාවරණ කරයි.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එම්.කේ.සී.සේනානායක පෙන්වා දී ඇත්තේ දේපළ බදු අයකිරීමේ බලය මධ්‍යම රජයට නොව පළාත් සභාවලට ලබා දෙන ව්‍යවස්ථාමය සීමාවක් පවතින බවයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය ද කුලී ආදායම් බද්ද හඳුන්වා දීමට නිර්දේශ කර ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ.
ආචාර්ය සේනානායක පවසන්නේ කුලී ආදායම් බද්ද හඳුන්වා දෙන්නේ එය දේපළ බදුවලට සාපේක්ෂව වඩා හොඳ බද්දක් නිසා නොව ඉඩම් ලියාපදිංචි කිරීමේ දත්ත සහිත දත්ත ගබඩාවක් නොමැති නිසා වහාම හඳුන්වා දිය හැකි ක්‍රියාකාරී විසඳුම එය වීම හේතුවෙන් බවයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් අගෝස්තු 23 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ සඳහන් වන්නේ ද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මධ්‍යම මට්ටමින් එකතු කරන සියලුම බදු ද පළාත් සභා වෙත පැවරෙන බවයි.
මෙම ව්‍යවස්ථාමය බාධකය සැළකිල්ලට ගනිමින්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාව කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නිර්දේශ කර ඇත.
කුලී ආදායම් බද්ද මේ වසරේ අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණද ඊට අදාළ නීති ගැසට් කර නොතිබූ බවද ආචාර්ය සේනානායක සඳහන් කර ඇත.
ඔහු පවසන්නේ කලින් ප්‍රකාශ කළ පරිදි එය ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳ අදහස් දැක්වීමට තවමත් කල් වැඩි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart