
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැසිෆික් සාගරයට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථකව එල්ල කළ බව චීනය පවසා තිබේ.
චීනය එවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ කලාතුරකිනි.
අන්තර්ජාතික විශ්ලේෂකයන් පවසන්නේ කලාපීය ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක අමෙරිකාවට සහ එහි මිත්‍ර රටවලට පණිවිඩයක් යැවීමට චීනය මෙමගින් අදහස් කරන්නට ඇති බවයි.
ව්‍යාජ යුද හිසක් රැගත් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය බීජිං වේලාවෙන් ඊයේ පෙරවරු 8.44ට දියත් කර පැසිෆික් සාගරයේ නම් කරන ලද ප්‍රදේශයකට වැටී ඇති බව චීන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එය මිසයිලයේ පියාසර මාර්ගය හෝ ගොඩබෑමේ ස්ථානය සඳහන් කර නැත.
චීනයේ මහජන විමුක්ති හමුදා රොකට් බළකාය විසින් සිදුකරන ලද මිසයිල අත්හදා බැලීම එහි සාමාන්‍ය වාර්ෂික පුහුණුවේ කොටසක් වන අතර එය කිසිදු රටක් ඉලක්ක නොකළ බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් චීනය මෙලෙස මිසයිල අත් හදා බැලීමක නිරත වන්නේ චීනය සහ රුසියාව ජපානයට ආසන්න මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වීමත් සමඟ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
“මිසයිල දියත්කිරීම මගින් ආයුධ සහ උපකරණවල ක්‍රියාකාරීත්වය මෙන්ම භටයන්ගේ පුහුණු මට්ටම ඵලදායි ලෙස පරීක්‍ෂා කළ අතර අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගන්නා ලදී” යනුවෙන් චීනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා වාර්තා කර තිබේ.
එමෙන්ම චීනය පවසන්නේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් අදාළ රටවලට කල්තියා දැනුම් දී තිබූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart