
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාලු මුවදොර හැර දමාගිය වාහන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ කළ ප්‍රකාශය හෙළාදකින බවත් එම වාහන භාවිත කළේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසයි.
හිටපු මැති ඇමැතිවරුන් රජයේ වාහන අවභාවිත කර නොමැති බව ද ඔහු අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හිටපු මැති ඇමැතිවරුන් සිය නිල වාහන මේ වන විට භාරදී ඇති අතර ඒවා මේ වන විට ගාලු මුවදොර නවතා ඇති බවයි.
බලයට පත්වීමට පෙර විහිළු කිරීම පිළිගත හැකි නමුත් බලයට පත්වීමෙන් පසු එසේ කිරීම පිළිගත නොහැකි බව ද ඔහු සඳහන් කරයි.
කිසියම් වාහනයක් සොරකම් කර ඇත්නම් එය අයථා පරිහරණයක් වන බැවින් ඒ පිළිබඳ සොයා බැලිය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේවෙතත් මැති ඇමැතිවරුන්ට වෙන්කර තිබූ වාහන නිල වශයෙන් ලබාදීම අවභාවිතයක් ලෙස සැළකිව නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.
වත්මන් රජය වාහන භාවිත නොකර පයින් ගොස් වැඩ කිරීමට අදහස් කරන්නේ නම් ඔවුන්ගේ කැමැත්ත අනුව ඒ සඳහා නිදහස ඇති බව ද අමුණුගම පෙන්වා දුන්නේය.
ජනතාව රජයෙන් එවැනි ක්‍රියා බලාපොරොත්තු වනවා නම් ඊට අවනත විය හැකි බවත් පසුගිය ආණ්ඩුවෙන් මහජනතාව එවැනි දේ අපේක්ෂා නොකළ බවත් ඔහු පැවසීය.
හිටපු මන්ත්‍රීවරුන් බලයේ නොමැති නිසා නිල වශයෙන් වාහන භාරදීමෙන් පසු ඒවා ප්‍රදර්ශනය කිරීම අසාධාරණ බව ද අමුණුගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart