
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන මූලධර්මය පිළිපදිමින් සහ ස්වෛරීභාවයට ගරු කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටුකිරීමට සූදානම් බව චීනය ප්‍රකාශ කර තිබේ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසුගිය ජනාධිපතිවරණය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලින් ජියන් ජනමාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත්තේ, ඉකුත් දා පැවැති මෙරට ජනාධිපතිවරණය සාමකාමී බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මිත්‍ර අසල්වැසියා ලෙස චීනය සහ ශ්‍රී ලංකාව සෑම විටම එකිනෙකාට අන්‍යෝන්‍ය ගෞරවයෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ බව ද ඔහු පවසා තිබේ.
“ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී දිවුරුම් දුන් අනුර දිසානායකට චීනය හෘදයාංගම සුබ පැතුම් ප්‍රකාශ කරයි. ජනාධිපති ෂී ජින්පින්ග් ද ජනාධිපති දිසානායක වෙත සුබපැතුම් පණිවිඩයක් යවා ඇත,” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලින් ජියන් පවසා ඇත.
එහිදී ජනමාධ්‍යවේදියෙකු විසින් ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳව චීනයට ඇති විශ්වාසය පිළිබඳව විමසූ විට ලින් අවධාරණය කළේ චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වයක් පවතින බවයි.
“සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති තහවුරු කිරීමටත්, දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, අපගේ සංවර්ධන ක්‍රමෝපායන් අතර වැඩි සහයෝගීතාවයක් ඇති කිරීමටත්, ”එක් තීරයක් – එක් මාවතක්” ශක්තිමත් කිරීමටත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඔහුගේ නව පරිපාලනය සමඟ එක්ව කටයුතු කිරීමට අපි සූදානම්. සහයෝගීතාවය සහ අවංක අන්‍යෝන්‍ය සහය සහ සදාකාලික මිත්‍රත්වය මත පදනම්ව අපගේ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වයේ නව ප්‍රගතියක් වෙනුවෙන් කටයුතු කරනවා,” යනුවෙන් ද ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart