
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුව අද රාත්‍රියේ විසුරුවා හැරෙනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව දෙසැම්බර් මාසය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.
දිනේෂ් ගුණවර්ධන ඊයේ දිනයේදී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඇමැති ධුර 15ක් ඇමැතිවරුන් 4 දෙනෙකු අතර බෙදී යන පරිදි අතුරු කැබිනට් මණ්ඩලයක් අද පත්කිරීමට නියමිත බව ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග අනුව, ජනාධිපතිවරයා සංචාරක, ආරක්ෂක, මුදල්, අධිකරණ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශ තබා ගන්නා අතර අගමැතිවරයා විදේශ කටයුතු, අධ්‍යාපන සහ ජනමාධ්‍ය ඇමැතිවරයා වනු ඇත.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ අභිනවයෙන් දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ඇමැතිවරුන් ලෙස ඇමැති ධුර කිහිපයක් බැගින් හිමිකර ගැනීමට නියමිත බව සඳහන්ය.
අනුර කුමාර දිසානායකගෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නිපුණආරච්චි ඊයේ දිවුරුම් දුන්නේය.
මාස දෙකකට පසු එනම් දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නාමයෝජනා කැඳවන දිනය නියම කරන බවත් ජාතික ජන බලවේගයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම දිනයෙන් පසු නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව දින 10 සිට 17 දක්වා කාලයක් ලබාදෙනු ඇත.
දිසානායක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව රැස්වන දිනය ද ඔහු විසින් ප්‍රකාශයට පත්කරනු ඇති අතර එය බොහෝ විට ජනවාරි මාසයේදී පැවැත්විය හැකිය.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන් ජනාධිපති දිසානායක ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවී නොබෝ වේලාවකට පසු සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හමුවී තිබිණි.
අනතුරුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශිර්වාද ලබාගෙන ඔහු තඹුත්තේගම බලා ගියේ තම වයෝවෘද්ධ මෑණියන් දැක බලා ගැනීමටය.
ඔහු අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දෙසැම්බරයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත් නව අගමැතිවරයා ලෙස පත්කෙරෙන්නේ ඡන්දදායකයන්ගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතරින් වැඩිම සහයෝගයක් ලබන මන්ත්‍රීවරයා බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart