
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටු අතර එහිදී අගරදගුරු හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගත්තේය.
කොළඹ අගරදගුරු මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි සංවාදයක ද නිරත විය.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ කැමැත්ත පිළිබිඹු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස තේරී පත්වීම පිළිබඳව සිය සුබ පැතුම් පළකර ඇත.
අභියෝගාත්මක කාර්යයක් විය හැකි රට තුළ අවශ්‍ය වෙනස්කම් ඇති කිරීමේ සුවිශේෂී වගකීම ජනතාව විසින් නව ජනාධිපතිවරයා වෙත පවරා ඇති බව උන්වහන්සේ පවසා තිබේ.
මෙම ප්‍රයත්නය සඳහා ජනාධිපතිවරයට පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය ලබාදෙන බව කාදිනල්තුමා සහතික කර ඇති අතර, දුප්පතුන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත.
ජනමාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කර ඇත්තේ, පාස්කු ප්‍රහාරය පිළිබඳව ගැඹුරින් සොයාබලා සත්‍ය හෙළිකිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා තමාට සහතික වූ බවයි.
මෙම සංචාරයෙන් අනතුරුව කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය වෙත ද ගිය ජනාධිපතිවරයා එහිදී ආගමික වතාවත්වලට සහභාගි වී ආශිර්වාද ලබාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart