
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සුබ පැතුම් පිරිනමා තිබේ.
සමාජ-ආර්ථික, සංස්කෘතික, දේශපාලන මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය වැනි සෑම අංශයකම අභියෝගයන් රාශියකට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින යුගයක රට යළිත් ගොඩ නගා, ශ්‍රී ලාංකික ජනතාව අපේක්ෂා කරන නව යුගය සාර්ථකව නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවායි ප්‍රාර්ථනය කරන බව ද ඇය සඳහන් කර ඇත.
අනුර කුමාර දිසානායක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් 2004 පෙබරවාරි මාසයේ දී පිහිටවනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණු – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඒකාබද්ධ ආණ්ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස ජනාධිපති කුමාරතුංග විසින් පත් කරන ලදී.
කෙසේවෙතත් මතභේදාත්මක සුනාමි සහන සම්බන්ධීකරණ වැඩසටහනකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ එම ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග 2005 ජූනි 16 වැනි දින ජනතා විමුක්ති පෙරමුණේ අනෙකුත් ඇමැතිවරුන් සමඟ ඔහු ද සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart