
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගෝලීය පුරෝකථන වේදිකාවක් වන Polymarket ඔස්සේ ඩොලර් 48,000කට වඩා වැඩි මුදලක් ඔට්ටු අල්ලා ඇති බව වාර්තා වේ.
මැතිවරණවල සිට ක්‍රීඩා ඉසව්වල සිදුවීම්වල ප්‍රතිඵල මත ක්‍රිප්ටෝ මුදල් භාවිත කර ඔට්ටු ඇල්ලීමට ලොව පුරා සිටින පුද්ගලයන්ට එම වෙබ් අඩවිය ඉඩ සලසා දෙයි.
Polymarket වේදිකාවේ ඔට්ටු ඇල්ලීම් මැතිවරණ දිනය පුරා නිතර නිතර වෙනස් වූ නමුත් සමස්තයක් වශයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය නොකරනු ඇති බවට වැඩි ඔට්ටු ඇල්ලීම් සිදුකර ඇත.
මෙම ඔට්ටු ඇල්ලීම් වෙළඳපොළ සතියකට වැඩි කාලයකට පෙර විවෘත වූ අතර එතැන් සිට ක්‍රියාත්මක විය.
මැතිවරණ කොමිසම විසින් ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසු එය වසා දමනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart