
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකට එක්සත් ජනපදය සිය සුබපැතුම් පිරිනමා තිබේ.
එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තු ප්රකාශක මැතිව් මිලර් ශ්රී ලංකාවේ ජනතාව සාමකාමීව ඡන්දය ප්රකාශ කිරීම සම්බන්ධයෙන් ප්රශංසා කළ අතර, මැතිවරණයෙන් පිළිබිඹු වන්නේ රටේ ප්රජාතන්ත්රවාදී ආයතනවල ශක්තිය මෙන්ම ප්රජාතන්ත්රවාදී සහ සාමකාමී මාර්ගවලින් තම අනාගතය හැඩගස්වා ගැනීමට පුරවැසියන්ගේ ඇති කැපවීම බව ප්රකාශ කළේය.
“ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩනැගීමට දරන ප්රයත්නයන්හිදී ශ්රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජනපදය කැපවී සිටී” යනුවෙන් මිලර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“බෙදාගත් ප්රජාතන්ත්රවාදී වටිනාකම් සහ ජාතික ස්වෛරීභාවයට ගරු කිරීම මත පදනම් වූ අපගේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඊට අමතරව, ආර්ථික වර්ධනය, ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ අපගේ ජාතීන් අතර සහයෝගීතාව ගැඹුරු කිරීම අපි අපේක්ෂා කරමු.” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart