
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ජනාධිපතිවරණයේ දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීම ආරම්භවී තිබේ.
ඊට හේතුව කිසිදු අපේක්ෂකයකුට පළමු වටයේදී 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි වීමයි.
කෙසේවෙතත් පළමු වටයේ පැහැදිලි පරතරයක් තබාගෙන ඉදිරියෙන් සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ලබාගෙන ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි.
දෙවැනි ස්ථානයේ පසුවන සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035 කි. එය ප්‍රතිශතයක් ලෙස 32.76%කි.
ඒ අනුව අනුර දිසානායක සජිත් ප්‍රේමදාසට වඩා වැඩි ඡන්ද 1,271,880ක් ලබාගෙන සැලකිවයුතු පරතරයක් පවත්වාගෙන තිබේ.
දෙවැනි වටයේ මනාප ගණන් කිරීම තවත් පැය කිහිපයකින් අවසන් වනු ඇති අතර, එහිදී සජිත් ප්‍රේමදාසට අනුර දිසානායකව ඉක්මවා යෑමට හැකිවේදැයි තීරණය කෙරෙනු ඇත.
කෙසේවෙතත් අනුර දිසානායක පාරශ්වයෙන් ප්‍රකාශ වී ඇත්තේ, සිය ජයග්‍රහණය ස්ථිර බැවින්, නිල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරුව හෙට දිනයේ, නව ජනාධිපතිවරයා වශයෙන් අනුර දිසානායක දිවුරුම් දෙනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart