
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදාහැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථයේ රියදුරු බීමත්ව සිටියේයැයි සිය භාරයට ගත් බව රුවන්වැල්ල පොලිසිය කියයි.
රියදුරු බීමත්ව රිය පැදවීමට නොහැකි බව තේරුම් ගත් ජ්‍යෙෂ්ඨ ජන්ද මධ්‍යස්ථානයවරු දෙදෙනකු විසින් කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් වෙත දැනුම් දීමෙන් පසු මෙම රියදුරු සහ වාහනය පොලිස් භාරයට ගෙන තිබේ.
පසුව එම මධ්‍යස්ථානයේ ඡන්ද පත්‍රිකා සහ පෙට්ටි සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි වෙනත් වාහනයකින් අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත ගෙන ගිය බවත් කියයි.
සිද්ධියට සම්බන්ධ බීමත් රියදුරු වෛද්‍ය පරීක්ෂණකට යොමුකළ බවත්, ඔහු අවු: 50 පමණ වන වල්පොළ, දෙල්ඔලුව, දැරණියගල පදිංචි අයෙක් බවත් පොලිසිය කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart