
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණයෙන් පසු පිහිටුවන සජිත් ප්‍රේමදාස පාලනය යටතේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත වරක් පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේය.
ඉකුත් ඉරිදා පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම විභාගය නැවත පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් අනතුරුව සාකච්ඡා කරන බව ද පැවසීය.
පසුගියදා පැවැති ජන රැලියක් අමතමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ සරල විභාගයක් පැවැත්වීමට නොහැකි නම් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව රට පාලනය කරන්නේ කෙසේදැයි කියායි.
“රනිල් වික්‍රමසිංහට කිසිදෙයක් කරන්න බැරි බව නැවත වරක් ඔප්පු කර තිබෙනවා. මැතිවරණය අවසන් වූ පසු සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ රැස්වී පසුගියදා පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සාකච්ඡා කර එම විභාගය නැවත පවත්වනවා. නව රජය යටතේ අපේ 05 ශ්‍රේණියේ පාසල් දරුවන්ට සාධාරණයක් ඉටු කරනවා” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart