
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සැළකිල්ලට ගනිමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සජීවී විවාද මාලාවකට ප්‍රමුඛ ජනාධිපති අපේක්ෂකයන වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක නොපැමිණීම විශේෂත්වයකි.
නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පවසන්නේ, අපේක්ෂකයන් 16 දෙනෙකු විවාද සඳහා සහභාගී වීම තහවුරු කර ඇති බවයි.
ඒ අනුව 2024 සැප්තැම්බර් 7 වැනි සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත පළමු සජීවී විවාදයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දිලිත් ජයවීර සහ ස්වාධීන අපේක්ෂක පී.ආරියනේදිරන් සහභාගි වෙති.
සැප්තැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිත සජීවී විවාදයට තවත් අපේක්ෂකයන් කිහිපදෙනකු සමඟින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ සහ ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ සහභාගි වෙති.
මේ අතර සැප්තැම්බර් 9 වැනිදා පැවැත්වීමට නියමිත විවාදයට ස්වාධීන අපේක්‍ෂක සහ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ තවත් අපේක්‍ෂකයන් පස්දෙනකු සමඟ සහභාගි වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart