
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම්ගේ විනිසුරු නිල මැදිරිය තුළ ඊයේ (4දා) පස්වරුවේ ගිනිඅවියක් ක්‍රියාත්මක වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
එලෙස එම ගිනිඅවිය ක්‍රියාත්මක වී ඇත්තේ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළව, නඩු භාණ්ඩයක් ලෙස නම්කර තිබූ ගිනි අවියක්, රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට මහේස්ත්‍රාත්වරියගේ අත්සන යෙදීමෙන් අනතුරුව මුද්‍රා තැබූ අවස්ථාවේදීය.
අධිකරණ සේවිකාවන් දෙදෙනකු විසින් අදාළ මුද්‍රා තැබීම සිදුකරන අවස්ථාවේ ගිනිඅවිය මෙලෙස ක්‍රියාත්මක (පත්තුවී) වී ඇති බව සඳහන් කරන අනුරාධපුර මූලස්ථාන පොලිසිය, ගිනිඅවිය පත්තු වීමට සුළු මොහොතකට පෙර අතිරේක මහෙස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මිය සිය විනිසුරු නිල මැදිරියෙන් පිටව ගොස් ඇති බවද සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුව නොමැති බවද අනුරාධපුර පොලීසිය කියයි.
අධිකරණය හමුවේ පවතින යම්කිසි නඩුවකට අදාළව නඩු භාණ්ඩයක් ලෙස නම් කරන, කුමන හෝ වර්ගයේ ගිනිඅවියක් දැඩි පරීක්ෂාවට ලක්කර, එම ගිනිඅවිය තුළ ජීව උණ්ඩ තිබේ දැයි යන්න දැඩි ලෙස පරීක්ෂා කොට, ඉන් අනතුරුව අධිකරණයට භාරදීම පොලිසියේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් බව අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ උසස් අධිකරණ නිලධාරියකු සඳහන් කළේය.
එවැනි පසුබිමක් තුළ මෙම ගිනිඅවිය අදාළ පොලිසිය මඟින් නඩු භාණ්ඩයක් ලෙස නම් කොට අධිකරණයට භාරදී ඇත්තේ එම ගිනි අවි අභ්‍යන්තරයේ ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරන ද්‍රව්‍ය තිබියදී බවත්, එය බරපතළ ගැටලුවක් බවත් එම අධිකරණ ප්‍රකාශකයා තවදුරටත් කීය.
මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ විශේෂ නියෝගයක් මත උසස් පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් ඊයේ (4දා) පස්වරුවේ එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළේය.
මේ අතර අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව මෙම ගිනිඅවිය අධිකරණයට භාරදී තිබූ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ ඊට සම්බන්ධ සෙසු නිලධාරීර්න් සම්බන්ධයෙන් නොපමාව ඊයේ (4දා) පස්වරුවේම විශේෂ විමර්ශනයක් ඇරැඹු බවයි.
ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරන ද්‍රව්‍ය අන්තර්ගතව ඇති කිසිදු ගිනිඅවියක් අධිකරණයට භාරනොදිය යුතු බවට නියෝග පනවා තිබියදී මෙම ගිනිඅවිය ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරන ද්‍රව්‍ය සහිතව අධිකරණයට භාරදුන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලුසහගත බවද එම උසස් පොලිස් නිලධාරියා පවසා සිටියේය.
මේ අතර අදාළ සිද්ධිය වන අවස්ථාවේදී ගිනිඅවියට මුද්‍රාතබමින් සිටි අධිකරණ සේවිකාවන් දෙදෙනා දැඩි කම්පනයකට පත්ව සිටි බව පවසන අනුරාධපුර පොලිසිය, ගිනිඅවිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නිල මැදිරිය තුළ සිටියේ නම් යම් අනතුරක් ඇති වීමේ දැඩි අවදානමක් තිබූ බවද වැඩිදුරටත් සඳහන් කරයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart