
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම බිරිඳ පිහියකින් සහ පොරවකින් පහරදී ඝාතනය කළ මෙල්බර්න් ජාතිකයකු මිනීමැරුම් චෝදනාවට වරදකරු වී ඇති අතර, ඔහු ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාකළ බවට කළ කතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජූරි සභාවක් ප්‍රතික්ෂේප කර තිබේ.
43 හැවිරිදි නෙලෝමි පෙරේරා සිය සැමියා වන දිනුෂ් කුරේරා සමඟ ඇති වූ දරුණු අරගලයකදී ඇගේ හිසට, මුහුණට, බෙල්ලට සහ අත්වලට තුවාල 35ක් සිදුවන පරිදි ප්‍රහාරයට ලක්ව ලේ විලක් මැද සිටියදී හමුවී ඇත.
දිනුෂ් කුරේරා සිද්ධියෙන් තුවාල ලබා නැත.
දෙදරු පියෙකු වූ ඔහු නඩු විභාගයේදී වරද පිළිගෙන නැත.
ඔහුගේ නීති කණ්ඩායම තර්ක කර ඇත්තේ, නෙලෝමි පෙරේරා ‘මිනීමරු කෝපයෙන්’ පිහියක් අතැතිව සිටි බවත්, කුරේරා තමාව ආරක්ෂා කර ගැනීමට “ඕනෑම පුද්ගලයෙක් කරන දේ” කළ බවත්ය.
කෙසේවෙතත් කුරේරා පසුව හදිසි සේවාවන්ට පවසා ඇත්තේ, “මම මගේ බිරිඳව මරුවා” යනුවෙනි.
මෙම ඝාතනය 2022 දෙසැම්බර් 3 වැනි දින මෙල්බර්න් උප නගරයක් වන Sandhurst හි මෙම යුවළගේ නිවස තුළ සිදුව ඇත.
නඩු විභාගයේදී කුරේරාට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ද්‍රෝහිකම් පිළිබඳ ඉතිහාසයක් ඇති බව හෙළිව ඇති අතර, වසර මුලදී කුරේරා ශ්‍රී ලංකාවට පැමිණි විට නලෝමි පෙරේරා දික්කසාද වීමට සැලසුම් කර තිබේ.
ඝාතනයට දින කිහිපයකට පෙර ඔහු නැවත ඕස්ට්‍රේලියාවට ගොස් ඇති අතර, ඔහුගේ බිරිඳ ද මැදිහත්වීමේ නියෝගයක් ගෙන ඇති බව දැනගෙන තිබේ.
මෙම නියෝගයෙන් ඔහුට ඔවුන්ගේ පවුලේ නිවස වූ සැන්ඩ්හර්ස්ට් දේපලෙහි වාසය කිරීම තහනම් විය.
නලොමි පෙරේරා තම ස්වාමිපුරුෂයාට බියෙන් සිට ඇති අතර, ආරක්ෂිත ඔරලෝසුවක් පැළඳ සිට තිබේ.
මාරාන්තික ප්‍රහාරයේදී ඇයගේ කෑගැසීමේ හඬ පටයක් එහි සටහන්ව ඇත.
කුරේරාගේ ප්‍රහාරයේ ආරම්භය මෙම යුවළගේ නව යොවුන් වියේ දරුවන් දෙදෙනා විසින් දැක ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුටද පියා විසින් පොරොවෙන් පහරදී තිබේ.
කුරේරා බිම වැතිර සිටි සිය මවට පොරවකින් පහර දෙන අයුරු දැක යුවළගේ දියණිය සාක්ෂි ලබාදී තිබේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart