
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නන්දා මාලිනියට මුවාවී තම වැරදි වසාගැනීමට ක්‍රියා නොකරන්නැයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවැසීය.
අද (26) සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති ජනමාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
“ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති කියනවා කළු සල්ලි සුදු කරලා රටේ ආර්ථිකය ගොඩගන්නවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත කියනවා පයෝධර පෙළපාලි පවත්වලා සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කියනවා ඇප නැතුව ණය දෙන බැංකුවක් හදනවා කියලා. මේ වගේ අමනෝඥ කතා තමයි ජනතා විමුක්ති පෙරමුණ දැන ප්‍රකාශ කරන්නේ.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් කියනවා 76 වසරක රාජ්‍ය පාලනය තුළ රටට කිසිම දෙයක් සිදුවුණේ නෑ කියලා. 76 වසර තුළ බිහිවුණ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති වුණේ අනුර දිසානායක, ග්‍රාමිය ආර්ථික ඇමැති ලාල්කාන්ත, සංස්කෘතික ඇමැති විජිත හේරත්, චන්ද්‍රෙස්න විජේසිංහ ධීවර ඇමැති. නමුත් අවසානයේ රටේ කෘෂිකර්මාන්තයට, රටේ ජනතාවට කිසිවක් ඔවුන් සිදුකළෙත් නෑ. අවසානයේ වසර එකහමාරකින් ඔවුන් ඇමැතිධූර දාලා පැනලා ගියා.
ඒ වගේම එදා විමල් වීරවංශ සහ රාජපක්ෂලා දේශප්‍රේමී සළු ඇතුළේ හැංගුණා. අද නන්දා මාලිනියට මුවාවෙලා ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්‍ගේ වැරදි වහගන්න උත්සහ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ නන්දා මාලනිය විකුණාගෙන කන්න උත්සහ කරනවා. නන්දා මාලනියට අගෞරව කරන්න එපා කියලා ජනතා විමුක්ති පෙරමුණෙන් මම ඉල්ලා සිටිනවා.
ඒ වගේම ගොල්ෆේස් අරගලයේදී නිල නොවන ලෙස ජනතා විමුක්ති පෙරමුණට පැය 5 කට රටේ බලය ලැබුණා. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව විනාශ කරන්න උත්සහ කළා. ඔවුන් නිසා ලංකාවේ නිවාස 300 කට වැඩි ප්‍රමාණයක් විනාශ වුණා, පොලිස් නිලධාරියෙක් ඝානතය වුණා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය වුණා. පැය 5 කට බලය ලැබිලා මෙතරම් විනාශයක් ජනතා විමුක්ති පෙරමුණ සිදුකළා නම්, අවුරුදු 5 කට බලය ලැබුණොත් මොන වගේ තත්ත්වයක් උදාවෙයිද?”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart