
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නැතැයි දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 39ක් වන අතර ඔවුන්ගෙන් එක් අයෙක් හදිසියේ මරණයට පත්විය.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ වැඩි පිරිසක් කුඩා පක්ෂවලට අයත්වූවෝ වෙති.
ආරක්ෂාව ඉල්ලා ඇති සෙසු අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීයෙක් ‘ලංකාදීපයට’ පවසා ඇත.
ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් මෙවර ක්‍රියාත්මක කෙරෙන්නේ විශේෂම ආරක්ෂක වැඩපිළිවෙලක් බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයන්ට ඉල්ලවී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පසුගියදා සිදුකර ඇත.
එම විමර්ශනයේදී හෙළිදරව්ව තොරතුරු පදනම් කරගෙන මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායකගේ උපදෙස් මත ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයාබලා අවශ්‍ය කටයුතු කිරීමට විශේෂ කමිටුවක්ද පසුගියදා පත් කෙරිණ.
එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක ය.
ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්න් කර ඇති විමසුමකදී ඔහු පවසා ඇත්තේ, ජනාධිපති අපේක්ෂකයන් සහභාගිවන රැස්වීම්වල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart