
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
VFS Global විසින් කටුනායක ගුවන් තොටුපළේ ක්‍රියාත්මක කරන වීසා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය හරහා ලැබෙන ආදායම ඩුබායි හි බැංකු ගිණුමකට සම්බන්ධ වීම පිළිබඳව රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුවේ (CoPF) සාමාජික පාඨලී චම්පික රණවක කනස්සල්ල පළකළේය.
VFS වීසා ගනුදෙනුවට එරෙහිව CoPF සාමාජිකයන් වන රවුෆ් හකීම් සහ එම්.ඒ. සුමන්තිරන් සමඟ එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම පිළිබඳවජන මාධ්‍ය වෙත කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක VFS Global හි ආදායම ඩුබායි හි ගිණුමකට මාරුකරන බවට චෝදනා කළේය.
ඩුබායි ගිණුමෙන් ශ්‍රී ලංකා ආගමන දෙපාර්තමේන්තු ගිණුමට මුදල් තැන්පත් කරන්නේ සතියක කාලයකින් පසුව බව අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක මහතා වැඩිදුරටත් පැවසීය.
“VFS Global එක් සංචාරකයකුගෙන් ඇමෙරිකානු ඩොලර් 25.77ක් අය කරයිකරනවා. කෙසේවෙතත්, බ්‍රසීලයේ ඔවුන් අයකරන්නේ ඇමෙරිකානු ඩොලර් 4 කට වඩා අඩු මුදලක්. ඒ නිසා ඉතිරි මුදල් යන්නේ කොතැනටද? එම මුදල් ඩුබායි හි ගිණුමකට ගොස් සතියකට පසුව ශ්‍රී ලංකා ආගමන විගමන ගිණුමට තැන්පත් කරන බව සොයාගෙන තිබෙනවා.” යැයි ඔහු සඳහන් කළේය.
පහත විදියෝවෙන් දැක්වෙන්නේ CoPF සාමාජිකයන් සහභාගී වූ එම ජනමාධ්‍ය හමුවේදී අනාවරණය කරන ලද තොරතුරුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart