
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස පත්කිරීමට සූදානමින් සිටී.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපති මයික් බෙයාර්ඩ් ඇතුළු ICC අධ්‍යක්ෂවරුන්ට වත්මන් ICC සභාපති ග්‍රෙග් බාර්ක්ලේ පවසා ඇත්තේ, තුන්වැනි වරටත් එම තනතුර සඳහා තරඟ කිරීමට තමාට අදහසක් නොමැති බවයි.
ජේ ෂාට එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලවල සහාය ඇති අතර, එබැවින් ICC හි ප්‍රධානියා ලෙස කිරුළු පැළඳීමට විශාල අවස්ථාවක් පවතී.
ජග්මෝහන් දල්මියා (1997 සිට 200 දක්වා) සහ ෂරද් පවාර් (2010-2012) මීට පෙර ICC හි ප්‍රධාන තනතුර දැරූ ඉන්දියානුවන් දෙදෙනා වේ.
ඒ අනුව, ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂාගේ පුත්‍රයා වන ජේ ෂා ලබන නොවැම්බර් මාසයේදී බාර්ක්ලේ නිල වශයෙන් ඉවත්වීමෙන් අනතුරුව ICC සභාපතිවරයා ලෙස පත්වන තුන්වැනි ඉන්දියානුවා බවට පත්වනු ඇත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart