
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බකමූණ, දමනයාය, දම්පුර ප්‍රදේශයේ නිතර නිතර ගැවසෙන, කිසිවකුට හානියක් නොවූ, ජනතාවගේ ආදරයට පාත්‍ර වූ එක් ඇසක් අන්ධ වූ වන අලියකුට ඊයේ (15) රාත්‍රියේ පොලිසිය වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
වනජීවී නිලධාරීන් පැවසුවේ ටී 56 ගිනි අවියකින් අලියාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
මාර්ගයේ නිතර යන වන අලියාට ත්‍රිරෝද රථයකින් මුර සංචාරයේ නිරත වූ පොලිසිය විසින් වෙඩි තබා ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත.
එක් ඇසක් නොමැති මෙම වන අලියා ජනතාවගේ සුරතල් සතකු වූ බවත් එම අලියාගෙන් කිසිවකුට හානියක් සිදු නොවූ බවත් ප්‍රදේශවාසීහු පවසති.
අලියා බොහෝ විට ගෙවතුවලට ගොස් මිනිසුන්ගෙන් ආහාර ලබාගත් බවත් රාජා යන සුරතල් නාමයෙන් හැඳින්වූ බවත් ඔවුහු පැවසූහ.
වෙඩි තබා ඝාතනය කරන ලද අලියාගේ මළ සිරුර බැකෝ යන්ත්‍රයකින් මීටර් 50ක් පමණ ඈත ස්ථානයකට ඇදගෙන ගොස් තිබෙනු දැකීමෙන් තමන් කම්පනයට පත් වූ බව ද ඔවුහු පවසති.
මෙම සිද්ධියත් සමඟ පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබිණි.
කෙසේවෙතත්, බකමූණ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ, නිතර පාරේ යන වන අලියා රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් තිදෙනා ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයට පහරදීමට තැත් කළ බැවින් අලියා පළවා හැරීම සඳහා කොස්තාපල්වරයකු විසින් එල්ල කළ වෙඩි තැබීමක් හේතුවෙන් අලියා මිය ගොස් ඇති බවත්ය.
මේ අතර හබරණ කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart