
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමගි ජන සන්ධානය හා එකතු වී ඇතැයි යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි දැක්වෙන්නේ හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබා ගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවක් නොමැති බවයි.
එළඹෙන ජනාධිපතිවරණයේ නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්රචාරක කණ්ඩායම් විවිධ අසත්‍ය ප්රවෘත්ති නිර්මාණය කොට, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය, හරහා පතුරුවාලීමේ වැඩපිළිවෙළේ පියවරක් ලෙස මෙම ප්‍රවෘත්තිය පතුරුවා ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.
මෙම මැතිවරණ කාල සීමාව තුළ සියලු පක්ෂයන්ට අභියෝගයක් වී ඇති සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එරෙහිව ආණ්ඩුව සහ ඔවුන් සමග ඩීල් දේශපාලනයේ නිරත සියලු අපේක්ෂකයන්ගේ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විමසිලිමත්ව බුද්ධියෙන් ග්‍රහණය කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරිකාර් පවසයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart