
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තයේ මීළඟ අගමැති ලෙස පේටොංටාර්න් ෂිනවත්‍රා එරට පාර්ලිමේන්තුව විසින් අද තෝරා පත්කරගෙන තිබේ.
ඒ අනුව තායිලන්තයේ වඩාත් ප්‍රසිද්ධ සහ කැළඹිලි සහිත දේශපාලන පරම්පරාවේ තවත් සාමාජිකයකු තායිලන්ත අගමැති ධුරයට පත්ව සිටී.
මෙම තෝරා පත්කර ගැනීම සිදුවන්නේ තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් හිටපු අගමැති ශ්‍රේත්තා තාවිසින් ධුරයෙන් පහ කිරීමෙන් දින දෙකකට පසුවයි.
ශ්‍රේත්තා වෙනුවට Pheu Thai පක්ෂයේ පාලක සභාගය විසින් එකම අපේක්ෂකයා ලෙස 37 හැවිරිදි පේටොංටාර්න් නම් කිරීමෙන් පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 319ක් ඇයට ලැබී තිබිණි.
ඇය නිල වශයෙන් බලයට පත්වීමට සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පෙර මහා වජිරලොන්ග්කෝන් රජු විසින් ඇයගේ පත්වීම අනුමත කළ යුතුය.
පේටොංටාර්න් ෂිනවත්‍රා සැළකෙන්නේ තායිලන්තයේ අගමැති ධුරයට පත් දෙවැනි කාන්තාව ලෙසයි.
ඇයගේ නැන්දා Yingluck ට පසුව එම තනතුර දරන ළාබාලතම තැනැත්තිය ද ඇය වේ.
දේශපාලනයේ නවකයකු වන පේටොංටාර්න් ෂිනවත්‍රා 2023 මැයි ජාතික මැතිවරණයට පෙර Pheu Thai සඳහා අගමැති අපේක්ෂකයන් තිදෙනාගෙන් එක් අයෙක් වූ අතර ඡන්දයට සති දෙකකට පෙර ඇයගේ පැමිණීම අන්තර්ජාතික සිරස්තල බවට පත් විය.
පේටොංටාර්න් ෂිනවත්‍රා යනු 2006 හමුදා කුමන්ත්‍රණයකින් නෙරපා හරින ලද හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ බාල දියණියයි.
තක්ෂින් තායිලන්තයේ වඩාත්ම බලගතු චරිතයන්ගෙන් කෙනෙක් ලෙස සැළකෙන අතර ඔහුගේ ආර්ථික හා ජනතාවාදී ප්‍රතිපත්ති තුළින් පසුගිය දශක දෙක පුරා තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ දේශපාලන යන්ත්‍රයක් ගොඩනැගීමට හැකි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart