
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
Monkeypox (වඳුරු උණ) ආසාදිතයෙක් පාකිස්ථානයෙන් හඳුනාගෙන තිබේ.
එම රෝගය වැළඳුණු පුද්ගලයෙකු 2024 වසරේදී හඳුනාගැනුණු පළමු අවස්ථාව මෙය බව පාකිස්ථානයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයකුට සිදු කළ පරීක්ෂාවක්දී ඔහුට එම වෛරසය ආසාදනය වී ඇතැයි පාකිස්ථාන ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Mardan හි පදිංචි 34 හැවිරිදි පිරිමි පුද්ගලයකු එලෙස වඳුරු උණ ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇත.
ඔහු අගෝස්තු 3 වැනි දින සෞදි අරාබියේ සිට පාකිස්ථානයට පැමිණ තිබේ.
පෙෂාවර් වෙත පැමිණ ටික වේලාවකට පසු රෝග ලක්ෂණ වර්ධනයවීම හේතුවෙන් අදාළ පුද්ගලයා පරීක්ෂණ සඳහා රෝහල් ගතව ඇතැයි සඳහන් වේ.
ARY පුවත් සේවයට අනුව පෙෂාවර්හි කයිබර් වෛද්‍ය විශ්ව විද්‍යාලය විසින් රෝග විනිශ්චය තහවුරු කර ඇත.
ඔහුගේ ධනාත්මක රෝග විනිශ්චය අගෝස්තු 13 වැනි දින තහවුරු කර තිබේ.
සෞදියේ සිට ඔහු පැමිණි ගුවන් යානයේ සිටි සෙසු මගීන් ඇතුළු රෝගියා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් හඳුනාගැනීමට සහ අධීක්ෂණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් ඇතැයි පාකිස්ථාන ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart