
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරකයින්ට දක්වන දුර්වල ආගන්තුක සත්කාර හේතුවෙන් මේ වනවිට තුර්කියට චෝදනා එල්ල වෙමින් තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ ජනාධිපති Recep Tayyip Erdogan ගේ දශක දෙකක පැරණි පාලනය යටතේ තුර්කිය
ගතානුගතික ස්වභාවයක් ගන්නා බවයි.
එමෙන්ම අර්ඩගොන්ගේ පාලනය යටතේ පවතින තුර්කිය තවදුරටත් සංචාරකයින් පිළිනොගන්නා තත්ත්වයක් උද්ගත වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම මාධ්‍ය පෙන්වා දෙන්නේ තුර්කියේ ජනප්‍රිය ගමනාන්තවල සංචාරක බස්රථවලින් බැස එන සංචාරකයින්ගෙන් මුදල් ඉල්ලා හිරිහැර කරන වෙළදුන්ගෙන් එම සංචාරකයින් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.
එමෙන්ම සුවඳ විලවුන් අලෙවි කරන්නන් ආක්‍රමණශීලී ලෙස තම භාණ්ඩ අලෙවි කරන අතර පදික වෙළෙඳුන් සංචාරකයින්ව අවන්හල් තුළට බලහත්කාරයෙන් ඇතුලු කරවන අවස්ථා ද පවතින බව ද වාර්තා වේ.
එවැනි අවස්ථාවල සංචාරකයින් සිදු කරන ප්‍රතික්ෂේප කිරීම බොහෝ විට හිරිහැර හා වාචික අපයෝජනවලට දෙන බව ද පැවසෙයි.
එමෙන්ම කප්පම් ගැනීමට උත්සාහ කරන ව්‍යාජ සුවඳ විලවුන් අලෙවි කරන්නන්, පදික වෙළෙන්දන්ගේ රංචු විශේෂයෙන් දකුණු තුර්ලියේ සංචාරක කේන්ද්‍රස්ථානය වන ඇන්ටාලියා නගරයේ ආක්‍රමණශීලී ලෙස සිටින බව සදහන්.
ඔවුන් සංචාරකයින්ට ව්‍යාජ සුවඳ විලවුන් මිලදී ගැනීමට බල කර ඇති අතර, සමහර විකුණුම්කරුවන් ඔවුන්ගේ අවසරයකින් තොරව මිනිසුන්ගේ ගමන් මලු තුලට සුවද විලවුන් පෙට්ටි ඇතුළු කර මුදල් ගෙවීමට බල කරයි.
සංචාරක කණ්ඩායම් වටකරගෙන සිටින යාචකයින්, ආක්‍රමණශීලී ලෙස මුදල් ඉල්ලා සිටීම, සහ පදික වෙළෙන්දන් නිවාඩුවට පැමිණෙන අය ආපනශාලාවලට බලහත්කාරයෙන් ඇතුළු කිරීම ඇතුළු ප්‍රශ්නය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවලට බොහෝ පැමිණිලි ලැබුණද, උවදුර මැඬලීමට ගත් පියවර අල්ප බව වාර්තා වේ.
සංචාරක ආර්ථිකයට බලපෑම් එල්ල වීම වැළැක්වීම සඳහා තුර්කි රජය සංචාරකයින්ට මෙම හිරිහැර කිරීම ක්‍රමානුකූල ගැටලුවක් බව පිළිගන්නේ ද නැති බවට චෝදනා එල්ල වෙයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart