
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විද්‍යාඥයන් විසින් අඟහරු ග්‍රහයා මත ද්‍රව තත්ත්වයෙන් ජලය පවතින ජලාශයක් වැනි ස්ථරයක් සොයාගෙන ඇත.
ඒ, ග්‍රහලෝකයේ පාෂාණමය පිටත පෘෂ්ඨයේ ගැඹුරට වන්නට බව පැවසේ.
මෙම සොයාගැනීම් පැමිණෙන්නේ 2018 දී නාසා ආයතනය විසින් අගහරු වෙත ගොඩබැස්සවූ ඉන්සයිට් යානයේ දත්ත පිළිබඳ නව විශ්ලේෂණයකින් ය.
එම ගවේෂණ යානයේ භූකම්පන මාපකයක් ද ඇති අතර එය රතු ග්‍රහයාගේ ගැඹුරේ සිදුවන කම්පන වසර 04 ක සිට වාර්තා කර ඇතැයි පැවසේ.
එම භූමිකම්පා විශ්ලේෂණය කිරීමෙන් ග්‍රහලෝකය චලනය වන ආකාරය සහ එහි පවතින ද්‍රව ජලයේ කම්පන සංඥා අනාවරණය වී ඇතැයි නාසා ආයතනය පවසයි.
අඟහරුගේ ධ්‍රැවවල ශීත ජලය සහ වායුගෝලයේ වාෂ්ප පිළිබඳ සාක්ෂි පවතින අතර, ග්‍රහලෝකයේ ද්‍රව ජලය සොයාගත් පළමු අවස්ථාව මෙයයි.
සොයාගැනීම් ජාතික විද්‍යා ඇකඩමියේ ක්‍රියාදාමයන් හි ප්‍රකාශයට පත්කර ඇත.
ඉන්සයිට් හි විද්‍යාත්මක මෙහෙයුම 2022 දෙසැම්බර් මාසයේදී අවසන් විය. ඒ රතු ග්රයහා මත ගොඩබා වසර හතරක් පුරා “අඟහරු ග්‍රහයා මතින් වාර්තා වන ස්පන්දනයන්ට සවන් දීමෙන් පසුව.
එම කාලය තුළ, ගවේෂණ මගින් භූමිකම්පා 1,319 කට වඩා වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart