
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ගාස්තු සමාලෝචනය කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-15 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
2024-07-16 දින සිට ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් සහ ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩු වීම සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු යම් ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව රජය කියයි.
ඒ අනුව, පහත සඳහන් පරිදි ජල ගාස්තු සංශෝධනය කිරීම පිණිස ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
එම යෝජනාවට අනුව, සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට 7කින්ද, රජයේ රෝහල් සඳහා සියයට 4.5කින්ද, පාසල් සහ පුණ්‍ය ආයතන සඳහා සියයට 6.3කින්ද ගාස්තු අඩුකිරීමට අනුමැතිය ලබාදී තිබේ.
ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමට නියමිත ය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart