August 13, 2024

දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන් සහ ශානක්කියන් රසමානික්කම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සමඟ සාකච්ඡා කර තිබේ.

‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් දෙමළ ජාතික සන්ධානය පැවසුවේ යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා සඳුදා දින චීන තානාපතිවරයා සමඟ ඉතා සුහද සහ ප්‍රයෝජනවත් සාකච්ඡා පැවැත්වූ බවයි.

මෙම සාකච්ඡාවේදී වත්මන් කටයුතු සහ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ අවධානය යොමු වූ බව දෙමළ ජාතික සන්ධානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.