August 13, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිදෙනෙකු පමණ මෙම වසර සඳහා තවමත් වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇති බව වාර්තා වේ.

එම මන්ත්‍රීවරුන්ට වත්කම් ප්‍රකාශ කරන ලෙස නැවත වරක් මතක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන්ට දැනුම් දී ඇත.

මහජන ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 169  සිය වත්කම් බැරකම් ඇතුළත් ප්‍රකාශ සෑම වසරකම ජූනි 30 වැනිදාට පෙර කථානායකවරයා වෙත භාරදිය යුතු වේ.

තවමත් වත්කම් ප්‍රකාශ කර නොමැති මන්ත්‍රීවරුන් 20 දෙනා සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙන බව ද වාර්තාවේ

ශ්‍රී ලංකාවේ නව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය යටතේ, සෑම වසරකම අගෝස්තු 31වැනි දිනට පෙර තම වත්කම් ප්‍රකාශ කිරීමට අපොහොසත් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසරකට නොඅඩු සිරදඬුවමක් හෝ ඔහුගේ දැනට පවතින මාසික වැටුප මෙන් මාස 12කට අදාළ දඩයක් හෝ ඒ දෙකම හෝ නියම කළ හැකිය.