
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තණමල්විල ප්‍රදේශයේ 11 වැනි ශ්‍රේණියේ පාසල් සිසුවියක් පසුගිය වසරක කාලය තුළ ලිංගික අපයෝජනයට ලක්කර සමූහ දූෂණයට ලක්කළ බව කියන පාසල් සිසුන් 17 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් සමඟ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.
සිය දියණිය හම්බන්තොට රෝහලේදී සියදිවි නසාගැනීමට තැත්කළ බවට පාසල් සිසුවියගේ මව චෝදනා කර තිබේ.
දැරිය තම පාසලේ පිරිමි ළමයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
පිරිමි ළමයා ඇයව රවටා මිතුරකුගේ නිවසකට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු ඇයට පළමු වරට ලිංගික අතවර කර ඇති බව වාර්තා වේ.
පසුව එම නිවසේ සිටි පාසල් සිසුන් පිරිසක් ඇයට බලහත්කාරයෙන් මත්පැන් පොවා පසුව ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර ඔවුන් එම සිද්ධිය වීඩියෝ ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කරයි.
එම වීඩියෝ පටය පෙන්වා වින්දිත දැරියට තර්ජනය කර ඇති පාසල් සිසුන් පසුගිය වසරක කාලය තුළ අවස්ථා හතකදී ඇය සමූහ දූෂණයට ලක්කර ඇත.
එහිදී පාසල් සිසුන් 17 දෙනකු ලිංගික අපයෝජනයට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
අදාළ පාසලේ විදුහල්පතිවරයාද මෙම සිද්ධිය දැනගෙන අදාළ දැරියගෙන් සිසුවාගෙන් සහ ඊට සම්බන්ධ පිරිමි ළමයන්ගෙන් කරුණු විමසා ඇත.
කෙසේවෙතත්, පාසලේ කීර්තිනාමය සැළකිල්ලට ගනිමින් සිද්ධිය වසන් කිරීමට පාසල් බලධාරීන් තීරණය කර තිබේ.
ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙකුගේ පුත්‍රයකු සහ එම පාසලේ ගුරුවරියකද මෙම දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට් තොරතුරු වාර්තා වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart